මාස 6- 24 දක්වාවු ඉතාම කුඩා දරුවන් වැඩි දෙනකුට ඇතිවන උග්‍ර ඩයරියා හා වමනයට හේතුව රොයිටා වයිරසයයි.ලෝකයේ මිනිත්තුවකට එක් දරුවකු මේ වෛරසය නිසා මියයයි.මිලියන 2.1 ක් රෝහල් ගත වන අතර මිලියන 25ක් රෝගය නිසා බාහිර රෝග අංශයෙන් ප්‍රතිකාර ලබයි. අප වැඩි දෙනකු නොදන්නා නමුත් ලංකාව වැනි දියුණු වන රටවල දරුවන්ගේ මරණයට ප්‍රධාන හේතුව රොයිටා වයිරසයයි.වයස අවුරුදු 5 ක් වනවිට දරුවකු එක් වතාවක් හෝ රොයිටා වයිරසයට ගොදුරුවීමට ඉඩ ඇත.වැඩිහිටියන් හා ළමයින් රෝගයට ගොදුරු වුවත් එය එතරම් තදබල අයුරින් බල නොපාන්නේ කුඩා වියේදී වැළඳීමෙන් රෝගයට ඔරොත්තු දීමේ හැකියාවක් ලැබී ඇති බැවිනි.කුඩා දරුවන්ට රෝගය වැළදුණු විට මව, පියා ඇතුළු පවුලේ අයද ආසාදිතයන් බවට පත්වෙන්න පුළුවන්.
රොගයට වැඩිපුරම ගොදුරු වන්නේනිවැරැදි අයුරින් වැසිකිලි යාමට හුරු නොකළ දරුවන් හා කුඩා දරුවන් රැසක් සමග එකට සිටින දරුවන් රෝගී වීමට වැඩි ඉඩකඩක් තිබේ.මවු කිරි බොන දරුවන් හා පිරිසුදු වටාපිටාවක ජීවත්වන දරුවන් රෝගයට ගොදුරු වන්නේ අඩුවෙන් වුවත් රෝගය බෝ නොවේවි කියා සෑහීමකට පත් වනු බැහැ.ඕස්ටේ්රලියාව වැනි දියුණු රටක 20%–40%ක්ම දරුවන් රෝහල් කරා රැගෙන යන්නේ රෝටා වයිරසය නිසා ඇතිවන පාචනය හේතුවෙනි.රෝගය ප්‍රධාන වශයෙන්ම පැතිරෙන්නේ මළ මගිනි. දරුවාට රෝගය සුවවී මාස දෙකක් ගතවු පසුවත් මළවල විෂබීජ පවතී. රෝගය පවතින විට මළ විදිනවාක් මෙන් පිටවන නිසා දරුවා වඩා ගෙන සිටින්නන්ගේ අත්වල හා අවට විෂ බීජ පැතිරෙයි දරුවන් නිතර වාඩි කරන තැන්වල, හැපි මාරු කරන ස්ථානයේ විෂ බීජ රැඳී පවතී. එනිසා දරුවන් නිතර ගැවසෙන තැන්වල දරුවා තැබීමේදී පිරිසුදු කම ගැන සැළකිලිමත් වන්න රෝටා වයිරසය වාතයේ ඇති වෛරස් බිඳීති මගින් ද ශ්වසන පද්ධතියට ඇතුළු විය හැකියි.දරුවා රෝගී විට පමණක් නොව සැමවිටම දෑත් සබන් ගා සෝදා පිරිසුදුව තබා ගන්න. (විශේෂයෙන් වැසිකිලි ගිය පසු හා කෑම බීම ගැනීමට පෙර ) දරුවා ඉඳ ගන්නා පුටුව, ඇඳ, නැපි මැරු කරන මේසය හෝ තැන, සෙල්ලම් බඩු පිරිසුදුව තබා ගන්න.
රෝග ලකුණුවෛරසය ශරීරගතවී පැය 24 - 72 ක් වන විට රෝගය ශරීර ගතවු දිනයේ සිට දින 3ක් දක්වා වු කාලය තුළ රෝග ලක්ෂණ පහළ වෙයි.රෝගයට ගොදුරු වුණ දරුවන්ගෙන් 96% කටම වමනය යයි. දියරමය පාචනය හා වාර 10 - 20 ක් අතර මළ පිටවෙයි. උණ සෙල්සියස් අංශක 37.9 - 39 ක් පමණ වෙයි. රෝගී දරුවන්ගෙන් 77% ක්ම උණට ගොදුරුවේ. උදර වේදනාව සුලබ ලකුණකි. ඇතැම් දරුවන්ගේ නාසයෙන් සොටු දියර ගැලීම හා කැස්ස වැනි ලකුණුත් දක්නට ලැබේ. සමහර දරුවන්ට රෝගය දරුණු අන්දමින් බලපාන්නේ නැත. එහෙත් වයස අවුරුදු දෙකට අඩු දරුවන් වැඩි දෙනකුට රෝගය තද බල අයුරින් බලපායි.රෝගය පවතින්නේ දින 2 -9 ක් දක්වා කාලයත් පමණි. එහෙත් පාචනය සති 3ක් පැවැතිය හැකියි. රෝගය නිසා ඇතැම් දරුවන්ට ආහාරවල අඩංගු සීනි (සාමාන්‍යයෙන් ලැක්ටෝස් ) දිරවීමේ අපහසුතාවයක් සති කිහිපයක් යන තුරු පැවතීමට ඉඩ තිබේ.
විජලනයෙන් වළක්වා ගන්නවිජලනය රෝටා වයිරසයට ගොදුරුවන දරුවන්ට මරු කැඳවන ප්‍රබලම සාධකයයි. එනිසා අතිරේක දියර වර්ග දී, මවු කිරි බොන දරුවකුට නම් නිතර මවු කිරිදී දරුවා විජලනයෙන් වළකා ගත යුතුයි. පෝෂ්‍යජනක ආහාර දීම ඉතා වැදගත්ය. “ ජීවනි “ දරුවා විජලනයෙන් බේරා ගැනීමට දිය හැකි පානයකි. විජලනය ඇති විට රෝගය උත්සන්න වෙයි. රුවාට දියර පෙවීමට අපහසු නම් හෝ අධික උණ,නිදිබර ගතිය හෝ එවැනි තදබල ලෙස අසනීප ගතියක් පෙන්වනවා නම් කඩිනම්න් වෛද්‍ය උපදෙස් පතන්න. ඇතැම් දරුවන්ට රෝගයට දරුණු අන්දමින් බල නොපායි. එහෙත් එබඳු දරුවන් අනෙක් දරුවන්ගෙන් ඈත් කර තැබිය යුතුයි.උදා:ළදරු පාසල් යන දරුවකු නම් ළදරු පාසල් නොයවා සිටීම.රෝගී දරුවන්ට දෙපා ආවරණය වන ආකාරයේ නැපි අන්දවන්න.මළ පිටතට විසිරයාම එමගින් වළක්වා ගත හැකියි. අන්දවන ලද නැපි, සොටු පිහිදැමු කඩදාසි විෂබීජ පැතිරීම වැළැක්වීම සඳහා විනාශ කරන්න.
රෝගයෙන් බේරීමට ඇති හොඳම පිළියම එන්නතයි.රෝටා වෛරසය වෛරසවලින් සෑදෙන පාචන රෝගවලින් 50% කටම හේතුවේ. මෙම වෛරසයට බෙහෝ වේලා පරිසරයේ ජීවත් විය හැකියි. කෙතරම් හොඳීන් සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කළත් ඉතා සුළු රෝග බීජ ගණනකින් දරුවකු රෝගී විය හැකියි.එනිසා රෝගයට එරෙහි ප්‍රතිශක්තියක් දරුවන්ට ලබාදීම බෙහෙවින් වැදගත්ය.රෝටා වෙයිරසයට එරෙහි එන්නත් දෙකක් නුදුරු අනාගතයේදී අපේ රටේදීද ලබා ගත හැකිවනු ඇත. අනෙකුත් එන්නත් වාගේම රෝටා වයිරසයට එරෙහි එන්නත ලබාදීමද ඉතා වැදගත් බව මතක තබා ගන්න
No comments:
Post a Comment