සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිහරන ස්ථානයක සපුරාලිය යුතු අවශ්‍යතා (Guidelines for good food health)



පිහිටීම සහ පරිසරය

  • ව්‍යාපාරය සඳහා ස්ථානයේ යෝග්‍යතාවය සුදුසුවීම
  • වටපිටාවේ පවිත්‍රතාවය සහ අලංකාරය සතුටුදායකවීම
  • දූෂිත තත්වයන් නැතිවීම
  • බල්ලන්, පූසන් හා වෙනත් සතුන් නැතිවීම
  • දුම් හෝ වෙනත් පීඩාකාරි තත්වයන් නැතිවීම

ගොඩනැගිල්ල

  • ගොඩනැගිල්ලේ ස්වභාවය ස්ථීරය
  • ඉඩ පහසුකම් ප්‍රමාණවත්ය
  • ආලෝකය සහ වාතාශ්‍රය  ප්‍රමාණවත්ය
  • ගෙබිම නිමවුම හොඳයි
  • බිත්ති නිමවුම හොඳයි
  • සිවිලිම නිමවුම හොඳයි
  • සේවකයින්ට/පාරිභෝගිකයින්ට අනතුරුදායක තත්වයන් නැති වීම

ආහාර සකස්කරන/පිරිනමන/ප්‍රදර්ශනය  කරන /ගබඩා කරන ප්‍රදේශය

  • සාමාන්‍ය පවිත්‍රතාවය  හොඳයි
  • පවිත්‍රතා ආරක‍ෂණ උපක්‍රම හොඳයි
  • මැස්සන් නැත
  • කුහුඹුවන්, කැරපොත්තන්, මීයන් හා වෙනත් වාහක සතුන් නැත
  • ගෙබිම නඩත්තුව හොඳයි
  • බිත්ති නඩත්තුව හොඳයි
  • සිවිලිම නඩත්තුව හොඳයි
  • සේවා ප්‍රදේශයේ ඉඩ පහසුකම් ප්‍රමාණවත්ය
  • දෛනිකව පිරිසිදු කිරීම්  කරයි
  • වැසිකිළි/කැසිකිළි වලින් දූෂණය වීමේ අවදානමක් නැත
  • පියන සහිත කසල බඳුන් ප්‍රමාණවත්ව තබා ඇත
  • හිස් පෙට්ටි/ගෝනි වැනි අනවශ්‍ය ද්‍රව්‍යයන් ඇත
  • පිරිසිදු කිරීමේ උපකරණ/ද්‍රව්‍ය/අත්පිස්නා සපයා ඇත
  • දුගඳ හැමීමක් නැත
  • අපජලය කාණුවල විවෘතව ගලා යාම හෝ තැන තැන එකතුවී නැත 
  • සේවකයින් නිදා ගැනීම වැනි අදාල නොවන කාර්යයන් සඳහා මෙම ප්‍රදේශය භාවිතා නොකරයි 
  • ආහාර ද්‍රව්‍ය කැපිමට වෙන් කළ ලෑලි/පිහි භාවිතය  කරයි
  • භාවිතා කරන උපකරණ වල පවිත්‍රතාවය සතුටුදායකයි
  • ස්ථානීය සැකැස්ම ක්‍රියාවලියට  ගැලපෙයි
  • ආලෝකය සහ වාතාශ්‍රය ප්‍රමාණවත්
  • ගෘහපාලනයහොඳයි
  • විවිධ කාර්යයන් සඳහා සුදුසු පරිදි ජලය සපයා ඇත
  • ආරක‍ෂිත ආහාර පරිහරණ ක්‍රම භාවිතය හොඳයි

උපකරණ  සහ භාණ්ඩ

  • ආහාර පරිහරණ උපකරණ ප්‍රමාණවත්
  • උපකරණවල තත්වය සතුටුදායකයි
  • උපකරණවල පවිත්‍රතාවය සතුටුදායකයි
  • ආහාර අල්ලන අඩු ඇතුළු පවිත්‍රතා ආරක‍ෂණ උපකරණ භාවිතා කරයි
  • භාවිතා කළ උපකරණ සෝදා පවිත්‍රව ගබඩා කිරීමේ පහසුකම් ඇත
  • මේස, පුටු, රාක්ක, අල්මාරි හා වෙනත් භාණ්ඩ ප්‍රමාණවත්
  • කාර්යයන් සදහා භාණ්ඩවල යෝග්‍යතාවය සහ ඒවායේ ආරක‍ෂිතභාවය සතුටුදායකයි
  • භාණ්ඩ නඩත්තු කිරීම සහ පිරිසිදු කිරීම සතුටුදායකයි/
  • ශීතකරණ/අධිශීතකරණ නිසි උෂ්ණත්වයේ පවත්වාගෙන යාම  සතුටුදායකයි
  • ශීතකරණ/අධිශීතකරණ වල පවිත්‍රතාවය සහ නඩත්තුව සතුටුදායකයි

ආහාර ගබඩා කිරීම  

  • ගබඩා පහසුකම් සහ ගෘහපාලනයහොඳයි
  • අමුද්‍රව්‍ය ගබඩා කිරීම  හොඳයි
  • පිසූ/අර්ධ සකස් කළ/සකස් කළ ආහාර ගබඩා කිරීම හොඳයි
  • නියමිත උෂ්ණත්වයේ ආහාර ගබඩා කිරීම සිදුකර ඇත
  • ශීතකරණ/අධිශීතකරණ වල ආහාර ගබඩා කිරීම  සතුටුදායකයි
  • ආහාර ගබඩා කිරීමේදී දූෂණය වැළැක්වීමට ගෙන ඇති උපක්‍රම හොඳයි

ජල සැපයුම

  • ජල මූලාශ්‍රය  සුරක‍ෂිතයි
  • ජලය ගබඩා කිරීමේ ක්‍රමය සතුටුදායකයි
  • කරාම සහිත ප්‍රමාණවත් ජල ඛෙදා හැරීමක්  ඇත
  • ජල සාම්පල් වාර්තා ( බැක්ටීරියාණුෙවිදී - 01, රසායනෙවිදි - 01) ඇත

අපද්‍රව්‍ය කළමනාකරණය 

  • පියන සහිත කසල බඳුන් ප්‍රමාණවත්ව සපයා ඇත
  • කසල බඳුන්වල පියන් වසා ඇත
  • කසල බඳුන්වල පවිත්‍රතාවය සහ නඩත්තුව සතුටුදායකයි
  • කසල වර්ගීකරණය කරයි
  • කසල අවසන් බැහැරලීම සෞඛ්‍යාරක‍ෂිතයි
  • අපජලය කළමනාකරණය සෞඛ්‍යාරක‍ෂිතයි
  • වැසිකිළි/කැසිකිළි ප්‍රමාණවත්ව සපයා ඇත
  • වැසිකිළි/කැසිකිළි පිහිටි ස්ථානය සෞඛ්‍යාරක‍ෂිතයි
  • වැසිකිළි/කැසිකිළිවල පවිත්‍රතාවය සහ නඩත්තුව සතුටුදායකයි
  • වැසිකිළි/කැසිකිළිවල පූතික වල/උරාගැනීමේ වල/ඍජු හෝ පැති වල සෞඛ්‍යාරක‍ෂිතයි

ආහාර ද්‍රව්‍යවල තත්වය, ප්‍රමිතීන් සහ පවිත්‍රතාවය

  • ආහාර ද්‍රව්‍යවල/අමුද්‍රව්‍යවල තත්වය සතුටුදායකයි
  • විකිණීමට/ඛෙදාහැරීම සඳහා ප්‍රදර්ශනය/ඇසිරීම  සතුටුදායකයි
  • කෘමීන්ගෙන් හානි වූ/කල් ඉකුත් වූ/භාවිතයට නුසුදුසු ආහාර නැත
  • ලේබල් රෙගුලාසි උල්ලංඝනය කිරීම් නැත
  • නරක්වූ/කල් ඉකුත්වූ ආහාර ඉවත් කිරීමට/මාරු කිරීමට ගබඩා කිරීම/වෙන්කර තැබීම සතුටුදායකයි

ආහාර පරිහරණය කරන්නන්ගේ සෞඛ්‍ය තත්වය හා පුහුණුව

  • පෞද්ගලික ස්වස්ථතාවය හොඳයි
  • ආරක‍ෂිත ඇඳුම් භාවිතය හොඳයි
  • බෝවන රෝග/චර්ම රෝග නැත
  • යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපදියි 
  • සේවකයින් සඳහා සෞඛ්‍ය/වෛද්‍ය වාර්තා පවත්වා ගැනීම හොඳයි
  • සේවකයින්ගේ සෞඛ්‍ය පුහුණුවීම් පිළිබඳ වාර්තා පවත්වා ගැනීම හොඳයි

සෞඛ්‍ය පණිවුඩ ප්‍රදර්ශනය, වාර්තා තබා ගැනීම සහ සහතිකකරණය

  • පාරිභෝගිකයින්/සේවකයින් සඳහා සෞඛ්‍ය උපදෙස්/පණිවුඩ ප්‍රදර්ශනය කර ඇත
  • පාරිභෝගික/සේවක යෝජනා/අදහස්/පැමිණිළි සඳහා අවස්ථාව සලසා  ඇත
  • දුම්පානය වැලැක්විම සදහා පියවර ගෙන ඇත
  • ආහාර මිළදී ගැනීමේදී/විකිණීමේදී/ඛෙදාහැරීමේදී බිල්පත් නිකුත් කිරීම හා වාර්තා තැබීම  කරයි
  • පිළිගත් ආහාර පවිත්‍රතා කළමනාකරණ සහතික ලබා තිබීම

No comments:

Post a Comment