අභිමානවත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ,ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හා මහ නගර සභා/නගර සභා/ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතන මෙන්ම තවත් රාජ්‍ය ආයතන බොහොමයක වසර 100ක් පුරා නිහඬ සේවාවක් ඉටුකරන උදාරවත්,ප්රතාපවත් නිළධාරියෙකි,මහජන සෞඛ්‍ය පරීක්ෂක. එවන් රාජ්‍ය නිළධාරියකුගෙන් රටට ඉටුවන සේවය මෙන්ම ඔහු වෙතින් මහජනයාට ලබාගතහැකි සේවාවන් පිළිබදව පැහැදිලි කිරීමක් අවශ්‍ය අවස්ථාවක එම තොරතුරු ලබාදීමට අප මින් බලාපොරොත්තු වෙමු
රැවටෙන්නේ නැතුව වතුර උණුකර පානය කරන්න
ජලය උණු කර නිවා පානයට ගතයුතු බව ඈත අතීතයේ සිටම සෑම කෙනෙකුම දන්නා කරුණකි.ඉන් ලැබෙන ප්රතිලාභ පිළිබඳවත් නොදන්නා අයකු නොමැති තරම්ය.පාසලේදී ළමුන්ට උගන්වන්නේ ජලය උණුකර නිවා පානය කරන ලෙසය.ගෘහනියන් එය කරදරයක් ලෙස කෙදිනකවත් සැලකනු නොලැබුවේය.60 °C දී පවා ජීවය රැකගෙන සිටින ව්‍යාධිජනක ක්ෂුද්රජීවීන් විකාශ කිරීමේ හොඳම ක්‍රමය ජලය උතුරවා නිවා පානය කිරීමයි.එය සිදුකිරීමට වෙනත් රසායනික භෞතික විද්‍යුත් ක්‍රමයක් සමත් නොවන්නේය.වෙළඳ ආයතන යම් යම් දේ හඳුන්වාදෙමින් සිදුකරන්නේ ඔවුන්ගේ ලාභ ප්‍රයෝජන පමණක් සලකමින් ක්‍රියා කරන අතරම සෞඛ්‍ය පිළිබද ඔවුන්ගේ අවධානයක් නොමැති බව පෙන්වාදියහැකි උදාහරණ ද රාශියකි.එබැවින් කාලීනව ප්‍රචාරය වන වෙළඳ දැන්වීම් වලට නොරැවටී අවබෝධයෙන් කටයුතු කල යුතුය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment