ඖෂධ ගැන දන්න නොදන්න දේ



ඖෂධයක් යනු
සිරුරේ කිිසියම් අවයවයක හෝ අවයව කිහිපයක හෝ ක‍්‍රියාකාරිත්වය කෙරෙහි බලපෑමක් කළහැකි මෙන්ම රෝගී තත්ත්වයක ගමන් මඟ වෙනස් කළහැකි රසායනික ද්‍රව්‍යයකි.

ඖෂධ ගන්නා විට - මතක තබාගන්න
  •      නියමිත මාත‍්‍රාව නියමිත වේලාවට ගන්න.
  •      වෛද්‍යවරයා උපදෙස් දුන් මුළු දින ගණනම ගන්න.
  •      ඖෂධ ගන්නා විට ජලය වැඩියෙන් පානය කරන්න.
  •      කුඩු ලෙස ගන්නා විට ඖෂධ දිය කිරීමේදී අරපිරිමැස්මට නොයන්න. ගුණයට හානිකරය.
  •      ඖෂධ ගැනීම වරින් වර, කඩින් කඩ නොගන්න.
  •      ප‍්‍රතිජීවක ඖෂධ සඳහා සංවේදී තත්ත්වයක් ඇතිවිය හැක.
  •      ඇදුම වැනි රෝග සඳහා පෙතිවලට වඩා ආඝ‍්‍රාහක (ඉන්හෙලර්* භාවිතය අතුරු ආබාධ අඩු කරයි.
  •      පැරසිටමෝල් වැනි ඖෂධ පවා අහිංසක නැත. දිනකට සිව් වේලාවකට වඩා නොදීමට සහ නියමිත මාතාව ඉක්මවා නොයෑමට වගබලා ගන්න.
  •      ප‍්‍රතිජීවක කරල් කඩා එහි ඇති ඖෂධ කුඩු තුවාල හෝ කුෂ්ඨ මත ඇතිල්ලීමෙන් වළකින්න.
  •      ආසාත්මිකතා  (ඇලර්ජි* තත්ත්වයක් ගැන දන්නේ නම් ඒ බව වෛද්‍යවරයාට දන්වන්න.
ඖෂධ ගන්නා විට වළකින්න
  •     නිද්‍රාජනක ඖෂධ ගන්නා විට සමනක සහ ප‍්‍රශාන්තික මෙන්ම සමහර ප‍්‍රතිහිස්ටමින් ඖෂධ
  •     ප‍්‍රති - හිස්ටමින, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාවට දෙන ඖෂධ,නිද්‍රාජනක ඖෂධ ආදී බොහෝ ඖෂධ සමඟ මත්පැන්
  •     බඩ රිදීම, වමනය සහ ඔක්කාරය ඇතිවිට විරේක ඖෂධ
  •     අධි රුධිර පීඩනය, විෂාදය ආදී රෝගයන්ට ඖෂධ ගන්නා විට ප‍්‍රිතිහිස්ටමින නාස් ආවහිරතා මකන ඖෂධ
  •     ප‍්‍රති ආම්ලික ඖෂධ ගන්නා විට මත්පැන්, ආම්ලික ආහාර, සිසිල් බීම යනාදිය  
  •     බඩ දැවිල්ල ඇතිවිට ඇස්ප‍්‍රීන්,ඩික්ලොපෙනැක් ආදී ඖෂධ
  •     මාත‍්‍රාව ඉක්මවා යාම හෝ අඩු කිරීම
  •     විවිධ නාම වලින් හැඳින්වෙන එකම ඖෂධය
  •     අමතක වූ වේල වෙනුවට ඊළඟ වේලාවේදී මාත‍්‍රා දෙකම  
  •     එකම රෝයක් සඳහා වුව වෙනත් අයෙකට  ගෙනා ඖෂධ
  •     හැඩය හා වර්ණය වෙනස් වූ බාහිර ආවරණය දිය වු ඖෂධ
  •     පරණ වට්ටෝරුවට නැවන නැවත බෙහෙත් ගැනීම.

ගර්භණී මවක් ද? එසේනම් පරෙස්සම්වන්න

ඔබ ගැබිණි හෝ කිරිදෙන මවක් නම් හෝ ඒ බව වෛද්‍යවරයාට පවසන්න. ඔබ ගන්නා බොහෝ ඖෂධ දරුවා වෙතද යා හැකිය. ඔබට අගුණ නැති මාත‍්‍රාවක් දරුවාට විෂ විය හැකිය. බොහෝවිට විකෘති හා හානි ඇතිවීමට එය සමත්ය. වෛද්‍ය උපදෙස්වලින් තොරව කවර හෝ ඖෂධයක් කොතරම් සුළු ප‍්‍රමාණයක්වත් නොගන්න

ඖෂධ හා ඔබේ දරුවා
  •     දරුවා පුංචි වැඩිහිටියෙකු නොවේ. ඒ බව මතක තබා ගන්න.
  •     ඔබ ගන්නා ඖෂධ ඉන් අඩ මාත‍්‍රාවකින් දරුවාට දීමට නොයන්න. දරුවාගේ බරට හා වයසට ගැළපෙන මාත‍්‍රාව පිළිබඳව වෛද්‍යවරයා  උපදෙස් දෙනු ඇත.
  •     දරුවාට තනිව බෙහෙත් ගැනීමට ඉඩ නොදෙන්න.
  •     නියමිත මාත‍්‍රාව නියමිත වේලාවට දෙන්න.
  •     පැණි, සිරප් හා දියර බෙහෙත් දෙන විට මිනුම ගැන සැලකිලිමත් වන්න.තේ හැන්දක් මි.ලී. 5 ක්ද, මේස හැන්දක් 15 ක්ද විය යුතුය.
  •     හැකි සෑම විටම ලබා දෙන මිනුම් භාජනය පාවිච්චි කරන්න.
  •     ඖෂධ ලොසින්ජර හෝ ටොෆී ලෙස හඳුන්වා දීමෙන් වළික්නන. එවිට දරුවා ඒවා වැඩිපුර ගැනීමට පෙළඹිය හැකිය.
  •     සෑම ඖෂධයක්ම දරුවාට ළංවිය නොහැකි උසින් හා හොඳින් වසා තබන්න.
  •     ඇසුරුම් ලේබලයේ ඇති වයස් සීමා ගැන සැලකිලිමත් වන්න. ලබාදිය යුතු, නොයුතු වයස් සීමා ගැන සැලකිලිමත් වන්න. ලබාදිය නොයුතු කාණ්ඩ වලට දීමෙන් වළකින්න.
  •     ඇස්ප‍්‍රීන් හා ඇස්ප‍්‍රීන් අඩංගු ඖෂධ දරුවාට දීමෙන් වළකින්න.
  •     පැරසිටමෝල් පවා නියමිත මාත‍්‍රාවට වඩා දීමෙන් වළකින්න.
  •     විටමින් වර්ග පවා  දරුවන්ට දීමට පෙර වෛද්‍ය උපදෙස් ගන්න.

ලේබලය කියවන්න - තොරතුරු දැනගන්න
  • ඖෂධයේ නම             :- වෙළඳ, රසායනික හා ව්‍යවහාරික නම්
  • ඖෂධයේ බලපෑම    :- වේදනානාශක, ප‍්‍රති ප‍්‍රදාහමය,
              ප‍්‍රතිආම්ලික, කැස්ස උත්පාදක ආදී
  • අඩංගු සකී‍්‍රය ද්‍රව්‍ය    :- කි‍්‍රයාකාරී සංඝටක හෝ මිශ‍්‍රණයේ අඩංගු    දෑ
  • අනතුරු ඇඟවීම්     :-    නොගත යුතු, නොදිය යුතු අවස්ථා, පුද්ගලයින් ළමයින්  ගැබිණි හා කිරිදෙන මව්වරුන්ට සුදුසු නුසුදුසු වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතය.

ඖෂධ ගත යුතු රෝග තත්ත්ව ලක්ෂණ හා නිමිති භාවිතයට උපදෙස්.
  •      මාත‍්‍රාව
  •      ගත යුතු වාර ගණන
  •      ආහාරයට පෙර හා පසු
  •      නොබිදිය (නොකැඩිය* යුතු බව
  •      ආලේපයට පමණක් බව

අන්තර් ක‍්‍රියාකාරකම් පිළිබඳ උපදෙස්
උදා:-
ගන්නා විට තවත් බෙහෙතක් සමඟ නොගත යුතු බව රුධිර පීඩනය  හා විෂාද ඖෂධ සමඟ ප‍්‍රතිහිස්ටමින නාස්  අවහිර තුරන් කරන
අඩංගු අක‍්‍රිය හා වෙනත් ද්‍රව්‍ය වර්ණක රසකාරක භාවිතය  කළ පදනම් ද්‍රව්‍ය

ඖෂධයේ ගුණ බාල විය හැකි අවස්ථා
  •      හිරු එළිය වැඳිම
  •      කෘමීන්
  •      වර්ණක දුර්වර්ණ වීම.
  •      ආවරණ විවෘත වීම.
  •      කල් ඉකුත් වන දිනය
  •      නිෂ්පාදකයා හා කාණ්ඩ අංකය

බෙහෙත් අල්මාරිය
  •      මාස 03 - 06 වරක්වත් බෙහෙත් අල්මාරිය දෙස බලන්න.
  •      වෛද්‍ය නිර්දේශ මත කිසියම් රෝගයකට ගෙනා බෙහෙත් ඇත්නම් ඒවා විනාශ කරන්න.
  •      කල් ඉකුත් වූ ඖෂධ ඒවායේ මුල් බාජන තුළ හෝ නිසි ලේබල් යෙ¥ භාජන තුළ තබන්න.
  •      මුඛයෙන් ගන්නා ඖෂධ සමඟ සමේ ආලේප වැනි බාහිරව භාවිතා කරන ඖෂධ එකම තට්ටුවක නොතබන්න.
  •      සියලූම ඖෂධ (ශීතරකණය තුළ තැබීමට උපදෙස්  නැති* හිරු එළිය තෙතමනය සහ කෘමීන්ගෙන් ආරක්ෂා කරන්න.
  •      බෙහෙත් අල්මාරිය සැමවිටම අඟුල් දමා වසන්න.

    (උපුටා ගැනීම wedasara.com)

No comments:

Post a Comment