දත් බුරුසුව මුඛ සෞඛ්‍යය මනාව පවත්වා ගැනීම සහ කාර්යක්ෂමව මැලියම් (plaque) ඉවත් කිරීමේදි ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. නිවැරදි සහ සුදුසු සත් බුරුසු භාවිතා කිරිම මෙන්ම ඒවා නිසියාකාරව නඩත්තු කිරීමේදී මුඛ සෞඛ්‍ය මනාව පවත්වා ගැනීමේදී ඉතාම වැදගත්ය.
බුරුසුවේ කෙඳි නැවීම හේතු කොට ගෙන එහි කාර්යක්ෂමව අඩු වීමෙන් දත් නිසියාකාරව පිරිසිදු නොවේ.එබැවින් සෑම කෙනෙක්ම තමන්ගේ දත් බුරුසුව අවම වශයෙන් මාස 3-4 කට වතාවක් වත් හෝ ඊට අඩු කාලයකදී මාරු කළ යුතුයි.
දත් බුරුසුව විෂබීජ වලට අත වනන තැනකි.
- දත් බුරුසුව විෂබීජ වලට තෝතැන්නක් වන්නේද යන්නත්,එමගින් මුඛය සහ ශරීරයට බල පවත්වන රෝග පැතිර යන්නේද යන කාරණය සම්බන්ධයෙනුත් මෑතකදි විද්වත් අවධානය යෝමු වී තිබේ.
- මුඛය දස දහස් ගණනක් වූ බැක්ටීරියා මෙන්ම වෙනත් විෂබීජ වලට තොතැන්නකි. එබැවින් අපි නිතර නිතර පාවිච්චි කරන්නා වුදත් බුරුසුවට එකී විෂබිජ සංකමණය වීම පුදුමයට කරුණක් නොවේ.එමෙන්ම දත් බුරුසුව රඳවනය එය තබන ස්ථානය සහ අවට පරිසරය (නාන කාමරය හෝ එළියේ) ආශ්‍රය කර ගනිමින් විවිධ වු බැක්ටීරියා වර්ධනය වීමේ විශාල ඉඩ ප්‍රස්ථාවක් පවත්නා බව අප මොහොතකටදු අමතක නොකළ යුතුය. දත් බුරුසු වෙළඳපොලට පැමිණෙන විට ජීවානුහරණය කරන ලද කොපුවක අලෙවි කිරීම අනිවාර්්‍ය නෛතික අවශ්‍යතාවයක් බවට පත් වී නොමැත. එබැවින් දත් බුරුසු ගබඩා කරන්නා වු ස්ථාන සහ ආවරණය කරන්නාවු කොපුවේ පවා බැක්ටීරියා/විෂබීජ වර්ධනය විය හැක.
- මිනිස් සිරුර නිරන්තරයෙන්ම නොයෙකුත් රෝගකාරක විෂබීජ වලට නිරාවරණය වෙයි. නමුත් මෙවැනි අන්තරාදායක විෂබීජ වලට ඔරොත්තු දීම සඳහා වන මනා යාන්ත්රණයකින් මිනිස් සිරුර යුක්තය. නිරෝගී සහ අවෘත සම මෙන්ම අවෘත විදුරුමසද මෙවැනි හානිදායක විෂබීජ වලට නිතරම වැට බඳී. යම් හෙයකින් ශ්ලේෂ්මල පටලය හෝ සම බිඳී යාමක් සිදු වුණත්, එසේම අභියෝගාත්මකව මෙවැනි විෂබීජ සිරුරට ඇතුලූ වූවත් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සිදු කරන සංවිධානාත්මක මෙහෙයුම් ඔස්සේ එම විෂබීජ මර්ධනය කිරීමට විවිධ වු උපක්‍රම යෙදවේ. උදාහරණයක් වශයෙන් එන්සයිම වර්ග (Digestive enzyme), කඳුලූ, සුදු රුධිරාණු, හා ප්‍රතිදේහ (Antibody) විෂබීජ වලට එදිරි සටන් මගෙහි හොඳ සටන් කරුවෝය.
නව පර්යේෂණ වලින් හෙළිදරව් වන කරුණු
කෙසේ වෙතත් පර්යේෂණ ඔස්සේ අනේකාකාරයෙන් බුරුසුවේ ඉහත සඳහන් කළ පරිදි නොයෙකුත් විෂබීජ වර්ධනය වන බව දැන් ඔප්පු වී හමාරය. මෙකී විෂබීජ වර්ධනය සහ එම අහිතකර දෑ බුරුසුවලින් ඉවත් කිරීමට යොදාගත හැකි උපක්‍රම පිළිබඳව නොයෙකුත් පර්යේෂණ සිදු වෙමින් පවතී. මෙකී වර්ධනය වන්නා වු නොයෙකුත් අන්තරාදායක විෂබීජ නිසා මුඛ සෞඛ්‍යට මෙන්ම සමස්ථ සිරුරට සිදුවන්නා වු අයහපත් සෞඛ්‍යමය බලපෑම සහ එමගින් සිරුරට සිදුවන්නා වු හානිය පිළිබඳව පර්යේෂණ තවමත් සිදුකරමින් පවතී. නමුදු මේ ගැටළුව සම්බන්ධයෙන් විද්වත් ප්‍රජාවේ මහත් පුනරුදයක් ඇති වී තිබෙන හෙයින් ඒ සම්බන්ධ විදුහුරු දැණුම් වපසරියේ විශාල වෙනසක් නුදුරු අනාගතයේ සිදු වන බවට සැකයක් නැත.
මෙවන් වූ පසුබිමක් තුළ සරළ පුරුද්දක් සේ පෙනෙතත් යලි යලිත් සිදු කරන දින චර්යාවේ අත්‍යවශ්‍ය අංගයක් වන දත් මැදීමේ සම්බන්ධ කි‍්‍රයාවලියෙහි යහපත් පුරුදු ඇති කර ගැනීම අදට මෙන්ම හෙටටත් මතු අනාගතයටත් ආරක්ෂාවේ පෙරවදනක්ම වනු ඇත. මතු දැක්වෙන්නේ ඔබේ දන්ත සුවසෙත රැක ගැනීමට මහෝපකාරී වන උපදෙස් කිහිපයකි.
ඉහත සඳහන් කළ උපාය මාර්ගයන්ට අමතරව බුරුසුව සියයට සියයක්ම බැක්ටීරියා වලින් තොර පරිසරයක් කිරීමට හැකිද යන්න ගැටලූවකි. එසේ හැකි වුණත් එවැනි ක්‍රමයක් පවත්වා ගැනීම ප්‍රායෝගිකව අපහසුය.
1. Dish washer-දිසි සෝදනයෙන් බුරුසු පිරිසිදු කිරීමට හැකි වූවත්එයින් බුරුසුවට හානි විය හැක.
2. Micro oven -මයික්‍රෝ උඳුන, පෝරණු මගින් වූවද කළ හැකි මුත් එහි ඇති තත්ව වලට ඔරොත්තු දිය හැකි බුරුසු නිෂ්පාදනය නොකරන බැවින් එයද ප්‍රායෝගිකව දුෂ්කර වූ කාර්යයකි. බුරුසුවට හානි සිදු වුවහොත් එය දත් මැදීමේ කාර්යක්ෂතාවයට බලපෑමක් ඇති වෙයි.
දත් බුරුසු වෙළඳ පොලට පැමිණෙන විට ජීවානුහරණය කරන ලද කොපුවක අලෙවි කිරීම අනිවාර්ය නෛතික අවශ්‍යතාවයක් බවට පත් වී නොමැත. එබැවින් දත් බුරුසු ගබඩා කරන්නාවු ස්ථාන සහ ආවරණය කරන්නා වූ කොපුවේ පවා බැක්ටීරියා/විෂබීජ වර්ධනය විය හැක.
එය කෙසේ උවත්. බුරුසුවේ වර්ධනය වන්නා වු ක්ෂුද්‍ර ජීවින් මගින් සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට මුඛ හෝ ශාරීරික වශයෙන් හානියක් නොවන බව සායනික වශයෙන් ඔප්පු කළ නොහැකි නමුත් පහත සඳහන් අවස්ථාවලදී සාමාන්‍ය බුද්ධියෙන් කටයුතු කිරීම නුවණට හුරුය. විශේෂයෙන් ප්රතිශක්තීකරණයට යම්කිසි හානියක් හෝ අකර්මන්‍ය වු කෙනෙකුට මෙවැනි ක්ෂුද්‍ර ජීවින්ගෙන් හානියක් හෝ ආසාදනයක් ඇතිවීමේ අවදානම වැඩිය.
1. ඛේඨය හෝ ලේ හෝ ශරීරයේ තරල (Blood, Saliva, Body fluids) මගින් ආසාදනය වන රෝග ඇති අවස්ථා වලදී (Systemic Diseases)
2. ප්‍රතිශක්තීකරණ ඌණතා හෝ ප්‍රතිශක්තිය අකර්මණ්‍ය වූ විට (Immune Compromised) මගින්
උදා:- Chemotherapy, Radiotherapy(විකිරණ ප්‍රතිකාර) ලබන රෝගීන්
උදා:- Chemotherapy, Radiotherapy(විකිරණ ප්‍රතිකාර) ලබන රෝගීන්
ඉහත සඳහන් කළ රෝගීන් පහත දැක්වෙන ක්‍රම අනුගමනය කිරීමෙන් ආසාදන වලට භාජනය වීම පාලනය කරගත හැක.
01. දත්බුරුසුව අවම වශයෙන් මාස 3 - 4 ට හෝ ඊට වඩා අඩු කාලයකදී මාරු කරන්න. මෙමගින් විවිධ බැක්ටීරියා වල ප්‍රමාණය සහ වර්ග වර්ධනය වීම පාලනය වෙයි.
02. විෂබීජ නාශක මුඛ ශෝධක මගින් දත් බුරුසුව සෝදා ගැනීමෙන් අනතුරුව දත්මැදීම සහ ඉවරවු පසු එවැනි මුඛ ශෝධක මගින් පිරිසිදු කිරීම තුළින් බැක්ටීරියා ඇතුලූ අනෙකුත් විෂබීජ වර්ධනය වීම පාලනය කළ හැක.
03. විෂබීජනාශක මුඛ ශෝධක තුළ බහාලීමෙන් බැක්ටීරියා ඇතුලූ අනෙකුත් විෂබීජ වර්ධනය වීම බෙහෙවින් පාලනය කළ හැක.
04. එක් වරක් පමණක් භාවිතා කළ හැකි දත් බුරුසු (Disposable) පාවිච්චි කිරීම, නමුත් දීර්ග කාලීනව මෙය කළ නොහැකිය.
05. වෙළඳපොළේ ඇති පිළිගත් විවිධ දත් බුරුසු ජීවානුහරණය කල හැකි රසායනික ශෝධක පාවිච්චි කිරිම.
දත් බුරුසුවක් පාවිච්චි කිරීමේදී ඔබේ අවධානය යොමු කළ යුතු කරුණු
01. දත් බුරුසුව වෙනත් අය සමග හුවමාරු නොකරන්න. වෙනත් අය මදින බුරුසුවකින් මැදීමෙන් සිරුරේ ඇති නොයෙකුත් විෂබීජ තරල (Body fluids) මගින් වෙනත් කෙනෙකුට ආසාදන බෝවීමේ හැකියාව වැඩිය. මෙහිදී ප්රතිහක්තීකරණය අකර්මණ්‍ය වු අයට (Immuno Compromised) ඉතා පහසුවෙන් මෙවැනි ලෙඩ රෝග වැළඳිය හැක.
02. මැදීමෙන් පසු බුරුසුවේ ඉතිරි වී ඇති දන්තාලේප වෙනත් කෑම කැබලි ඇතුලූ සියලූ දේ හොඳින් සෝදා හරින්න.ටැප් වතුරෙන් නම් වඩාත් යෝග්‍යයයි. එමෙන්ම බුරුසුව සෑම විටම කෙඳි සහිත මදින කොටස උඩ අතට සිටින සේ අසුරා තබන්න. හැකි සෑම විටම ස්වභාවික වාතයෙන් බුරුසුව වියලීමට ඉඩ හරින්න. දත් බුරුසු එකකට වැඩිය එකම අසුරනයේ අසුරා තබන්නේ නම් ඒවා එකක් අනෙකට නොගෑවන සේ අසුරන්නට වග බලා ගන්න. එසේ නොමැති වීමෙන් විෂබීජ පැතිරීමට ඉඩකඩ ඇත.
03. දත් බුරුසු කොපු තුළ බහලන්න එපා. එයට හේතුව වනුයේ තෙත සහිත පරිසරයයි. ස්වභාවික වාතාශ්රයෙන් වෙන්කර තැබීමයි. සමහර අන්තරාදායක බැක්ටීරියාවන් වර්ධනයට යෝග්‍ය පරිසරයක් අප විසින්ම නිර්මාණය කර දීමයි.
04. අවම වශයෙන් සෑම මාස 3 - 4 කට වතාවක් වත් බුරුසුවක් මාරු කරන්න. අලූත් එකක් මිලදී ගන්න. බුරුසුවේ කෙදි නැමීම නිසා එහි කාර්යක්ෂමතාවය අඩුවෙයි. නිවැරදි ආකාරයට බුරුසුව පාවිච්චි නොකිරීමත්, බුරුසුවට අනවශ්‍ය බලයක් යොදා දත් මැදිමත්, බුරුසුව ඉතා පහසුවෙන් ගෙවීම සහ කෙඳි නැමීම සිදුවෙයි. එබැවින් බුරුසුව නිතරම පරීක්ෂා කර එසේ සිදු වී ඇත්නම් එය මාරු කිරීමට වග බලාගත යුතුය.
සැ:යු: කුඩා දරුවන්ගේ බුරුසු වැඩි වශයෙන් හා ඉතා ඉක්මණින් ගෙවෙන නිසා ඉහත කී කාලයට අඩුවෙන් මාරු කරීමට වග බලාගත යුතුයි.
Thanks a lot
ReplyDelete