මහජන සෞඛ්‍ය පරීක්ෂක යනු.. (Public health inspector is...)


මහජන සෞඛ්‍ය පරීක්ෂක යනු අභිමානවත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ,ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හා මහ නගර සභා/නගර සභා/ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතන මෙන්ම තවත් රාජ්‍ය ආයතන (වරාය,ගුවන්තොටුපල) වල බොහෝ නිහඬ සේවාවක් ඉටුකරන උදාරවත්,ප්‍රතාපවත් නිළධාරියෙකි,සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ රෝග නිවාරණ කාර්ය්‍ය වෙනුවෙන් දායක වල ප්‍රධානම ක්ෂේත්‍ර නිළධාරියෙකි

ශ්‍රී ලංකාව තුල දැනට මහජන සෞඛය පරීක්ෂකවරු 1600ක් පමණ සේවය කරනු ලබයි.මහජනයා වෙනුවෙන් ඔවුන් සේවය කරන ස්ථාන පහත පරිදි දැක්විය හැක
  • ක්ෂේත්‍රයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාශයන්
  • මැලේරියා/බරවා/ජලභීතිකා/ක්ෂය රෝග/ලාදුරු/ලිංගාශ්‍රිත රෝග මර්ධන ව්‍යාපාරයන්
  • සෞඛය අමාත්‍යංශය යටතේ වූ ප්‍රධාන රෝහල්/ලේ බැංකු/පවුල් සෞඛ්‍ය කාර්ය්‍යංශය/වසංගත රෝග අංශය ආදී ආයතනයන්
  • වරාය/ගුවන් තොටුපල ආදී රටට රෝග ඇතුලුවිය හැකි ස්ථාන
  • මහ නගර සභා,නගර සභා,ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතනයන්
මෙම ස්ථාන වලින් මහජනයා වෙත සපයන සේවාවන් විශාල ප්‍රමාණයක් වේ.ඉන් ප්‍රධානම කාර්ය්‍ය කීපයක් මෙසේ දැක්වියහැකිය
  • බෝවන රෝග විමර්ශණය කිරීම
  • බෝවන රෝග වලක්වාගැනීමට උපදෙස් ලබාදීම
  • ආහාර පනත යටතේ ආහාර සෞඛය කටයුතු සිදුකිරීම
  • පාසල් සෞඛ්‍ය කටයුතු භාර නිළධාරියා ලෙස පාසල් සෞඛය කටයුතු සිදුකිරීම
  • පාසල් ළමුන්ට ප්‍රතිශක්තීකරන කටයුතු සිදුකිරීම
  • පාරිසරික සනීපාරක්ෂාව පවත්වාගෙනයාමට අවශ්‍ය කටයුතු සිදුකිරීම
  • සායන වල ප්‍රතිශක්තීකරණ කටයුතුවලට හා සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු අවශ්‍ය පරිදි සැලසුම් කිරීම
  • විශේසිත ව්‍යාපාර වලදී ඒ ඒ රෝග මරධන කටයුතු සිදුකිරීම
  • කොට්ඨාශයේ හෝ අදාල ස්ථානයේ සංඛ්‍යාලේඛන පවත්වාගෙනයාම
  • ජල මූලාශ්‍ර වල තත්වය පරීක්ෂා කිරීම
  • නව ගොඩනැගිලි වල සෞඛයාරක්ෂිත භාවය පරීක්ෂා කිරීම
  • රෝග වාහක ජීවීන් පාලනය කිරීම
  • වෘත්තීය සෞඛය යහපත්ව පවත්වාගෙනයාමට අවශය කටයුතු සිදුකිරීම
  • මදුරු මර්ධන පනත/දුම්වැටි හා මධ්‍යසාර පනත ආදී පනත් කිහිපයක බලයලත් නිළධාරියා ලෙස නීතිමය කටයුතු සිදුකිරීම
  • පලාත් පාලන ආයතන වලදී අදාල කටයුතු සිදුකිරීම
  • රට තුලට පිටතින් රෝග හෝ රෝග කාරක ද්‍රව්‍ය ඇතුලවීම වැලැක්වීම
  • සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම
මෙම ප්‍රධාන සෙවාවන් ලබාදීමට අමතරව තවත් විශාල සේවාවන් ප්‍රමාණයක් ද  අවශ්‍ය අදාල අවස්ථාවලදී සපයනු ලබයි